hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 07, පෙ.ව. 12:09



සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ අවසන් නැකත් චාරිත්‍රයක් වන පැළ සිටුවීම අප්‍රේල් (18) වනදාට යෙදී ඇති අතර එම දිනය “මුරුංගා දිනය” ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් නම් කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

” සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීම අප්‍රේල් (18) වනදාට යෙදී තිබෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් එම දිනය “මුරුංගා දිනය” ලෙස නම් කර තිබෙනවා. එදිනට අධිපෝෂණීය මෙන්ම ඉතා ඉහළ ඖෂධීය වටිනාමකින් යුත් මුරුංගා ශාකය තම ගෙවත්තේ පැල කරන ලෙස අප සියළු ජනතාවට ආරාධනා කර සිටිනවා.

හිස තෙල් ගෑමේ චාරිත්‍රය සඳහා අවශ්‍ය තෙල් සහ නානු මෙන්ම පැළ සිටුවීමේ චාරිත්‍රය සඳහා මුරුංගා පැළ ලබා දීමටද අප අමාත්‍යාංශය අප කටයුතු කරනවා. මීට අමතරව AyurEx 2024 ප්‍රදර්ශනය මැයි (03), (04) සහ (05) යන දිනයන්හිදී ‍බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.”

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: