hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 08, පෙ.ව. 12:04



12P/Pons-Brooks වල්ගාතරුව මේ මාසයේදී ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි වනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ ආචාර්ය ජනක අඩස්සූරිය මහතා පැවසුවා.

අද (08) සිට මෙය පියවි ඇසට දැකගත හැකි වේ යැයි බලාපොරොත්තු වන අතර, ප්‍රිස්ම දෙනෙතියකින් අනිවාර්යයෙන් දැකගත හැකි බවද අඩස්සූරිය මහතා ප්‍රකාශ කළා.

මෙහි උපරිම ප්‍රභාව මේ 21 දින මෙරට ජනතාවට දැකගත හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළා.

එදිනට මේ වල්ගා තරුව පෘථිවියට කි.මී. මිලියන 240ක් පමණ දුරකින් ගමන් කරනු ඇත.

12P/Pons-Brooks වල්ගා තරුව මෙමස තෙවැනි සතිය පමණ දක්වා සූර්යයා බැස ගිය පසු බටහිර අහසේ ක්ෂිතිජයට ආසන්නව නිරීක්ෂණය කළ හැකියැයිද ආචාර්ය ජනක අඩස්සූරිය මහතා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: