hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 අප්‍රේල් 25, පෙ.ව. 12:07



රජය විසින් රියදුරන්ට දරාගත හැකි මිලකට ලබාදීම සඳහා ගාස්තු මීටර් ආනයනය කර හෝ ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කරන බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති රහුමාන් පල්ලි සදහන් කරයි.

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස (30) වනදා දක්වා කාලය ලබාදී ඇති බවත් අනතුරුව මගී ප්‍රවාහන අධිකාරිය පොලීසිය සමග එකතු වී ලියාපදිංචි නොවූ ත්‍රීරෝද රථ සඳහා නීතිමය පියවර ගන්නා බවද සභාපතිවරයා සදහන් කරයි.

සභාපති රහුමාන් පල්ලි තවදුරටත් සදහන් කළේ,

” ගාස්තු මීටරය කියන එක මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රීරෝද සඳහා අත්‍යාවශ්‍ය වූ අංගයක්. ෆෝන් මීටරේ නෙමෙයි මේ කියන්නේ. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා රියදුරන්ට දරාගත හැකි මිලකට ලබාදීම සඳහා ගාස්තු මීටර් ආනයනය කොට හෝ ලබාදීමට කටයුතු කරන්න කියලා. 

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ලියාපදිංචි වීමට ජූනි මස 30 වනදා දක්වා කල් ලබාදීමක් සිදුකර තිබෙනවා. අපි ඉල්ලීමක් කරනවා ජූනි 30ට පෙර ඒ ලියාපදිංචිය සිදුකර ගන්න. ඊට පස්සේ මගී ප්‍රවාහන අධිකාරිය පොලීසිය සමග එකතු වී ලියාපදිංචි නොවූ ත්‍රීරෝද රථ සඳහා නීතිමය පියවර ගන්නවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: