hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 4:16



දිවයින පුරා ඩෙංගු රෝගීන් 63,000කට ආසන්න ගණනක් වාර්තා වී ඇති බවත් සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 50%ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් නිරීක්ෂණය වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

”මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 63,000කට ආසන්න ගණනක් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාත තමා 50%ක ප්‍රමාණයක් මේ සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් නිරීක්ෂණය වෙන්නේ. වාර්තා වෙලා ඉන්න රෝගීන් සංඛ්‍යාවෙන් 20%ක් විතර වගේ පාසල් ළමුන් වශයෙන් නිරීක්ෂණය කරනවා. නිරන්තරයෙන් ම සතියකට වතාවක් අඩු ම තරමේ පාසල් පරිශ්‍ර පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් විදිහට අපි දැනුම් දීලා තියෙනවා”

අගෝස්තු මාසයේත් මෙම මාසයේත් දත්තවලට අනුව, ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් තිබුණද දිවයින පුරා ඇතැම් ප්‍රදේශවල කඩින් කඩ වැසි ඇතිවීම නිසා ඩෙංගු අවදානම යළි ඉහළ යාමේ හැකියාවක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

”පසුගිය මාසයේ ත් මේ මාසයේ ත් දත්තවලට අනුව රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් තමා අපි නිරීක්ෂණය කරන්නේ. දෛනික වාර්තා වන රෝගීන්ගේ ඉහළ මට්ටමක ඉඳලා ඉතා ම ත් පහළ මට්ටමකට පැමිණීම තිබෙනවා. දිනකට රෝගීන් 100කට 125 කට වගේ ආසන්න ගණනක් වාර්තා වන තත්ත්වයක් දක්වා. මෙය ඉතා ම ත් හොඳ තත්ත්වයක්. කෙසේ නමුත් දැනට වාර්තා වන ආකාරයට දිවයින පුරා යම් යම් ප්‍රදේශවල කඩින් කඩ වැසි ඇති වීමේ තත්ත්වයක් තමා නිරීක්ෂණය වෙන්නේ. එම නිසා අපි විශේෂයෙන් ම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රදේශවල මදුරු ගහනය වැඩි විය හැකි අවදානමක්. ඉතින් අපි විශේෂයෙන් ඉල්ලා සිටින්නේ නැවතත් පිරිසිදු කිරීමේ කටයුතු දිගින් දිගින්ට ම කරන්න කියන ඉල්ලීම අපි සිද්ධ කරනවා. මේ තත්ත්වයට සියලු ම දෙනා දායක වෙන්න කියන ඉල්ලීම තමා අපි කරන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: