hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 05, පෙ.ව. 12:39



ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ දිනවල දිවයිනට ඇදහැලෙන වර්ෂාවත් සමග ඩෙංගු අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා කියා සිටියා.

නිවාසවලට අමතරව, පොදු ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතනවලින්ද මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ හේතුවෙන් මදුරු කීටයින් බෝවන ස්ථාන විනාශ කිරීමට ජනතාව උනන්දු විය යුතු බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මේ දක්වා වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 69,008 දෙනෙකු වාර්තා වී ඇති අතර, පසුගිය මාසයේ පමණක් රෝගීන් 4,000 ක් වාර්තා වී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: