hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 25, පෙ.ව. 10:45



අලුත් අවුරුදු උදාවේ ජනාධිපති අනුර දිසානායක SMS පණිවිඩයක් නොයැවීමෙන් රටේ බදු මුදල් රු. ලක්ෂ 980ක් ඉතිරි වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි සිදුකරන ප්‍රකාශය අසත්‍යයක් බව හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක පවසයි.

ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය ඩයලොග් මොබිටෙල් හච් ආදී දුරකතන සමාගම් සිය සේවාවක් ලෙස පාරිභෝගික ජනතාවට යොමු කරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සඳහා රජයේ හෝ වෙනත් පෞද්ගලික ආයතනයක හෝ කිසිදු මුදලක් වැය කර නොමැති බවත් මෙම අසත්‍ය ප්‍රකාශ ඔස්සේ පසුගිය ආණ්ඩු නිකරුණේ ජනතා මුදල් වැය කළේ යැයි අභූත චෝදනාක් නැගීමට උත්සාහ කරන බව ද ධනුෂ්ක රාමනායක ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: