hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:18



නොවැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැලියට තම පක්ෂයද සහභාගී නොවන බව සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.

සිය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ, පැහැදිලි වැඩපිළිවෙළක් හෝ පොදු එකඟතාවක් නොමැතිව, මතුපිටින් ගොඩනගන කිසිදු විපක්ෂ සන්ධානයක් සාර්ථක නොවන බවයි.

“මේ ආණ්ඩුව පෙරළන්න ඕන කියලා 3%ට වඩා ඉන්න හැමෝම හිතනවා. ඒත්, පෙරළලා මොකක්ද කරන්නේ කියලා ජනතාව අහනවා,” යැයි පැවසූ ජයවීර මහතා, විසඳුමක් නොමැතිව විරෝධතා පැවැත්වීමෙන් පලක් නොවන බව පෙන්වා දුන්නේය.

ඔහු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයම පොලවේ ගසා එවිට සියල්ල හමාර වන අතර එවිට ආණ්ඩුවට පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකියාව ඇති බවයි. පළාත් සභා තිබ්බත් විපක්ෂය පොලවේ ගසා විනාශ කිරීමට තම පක්ෂය ඉඩ නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

එසේම විපක්ෂය සාමුහිකව කටයුතු කරන්නේ නම් කලයුත්තේ ව්‍යවස්ථාපිත මර්දනයට එරෙහිව වැඩපිළිවෙලක් සහිතව එක ලකුණකින් තරඟ කිරීම බව දිලිත් ජයවීර පවසා සිටියේය.

“අපට අව­ශ්‍යයි මේ හැමෝ­ගෙන්ම අහන්න, මොකක්ද අපි ඉදි­රි­පත් කරන විස­ඳුම, වැඩ­පි­ළි­වෙළ, ඒ පිටු­පස තිබෙන ක්‍රියා­මාර්ග, ඉන් කොහො­මද තාර්කි­කව ජන­තා­වගේ ජන ජීවි­තය වෙනස්වී දරි­ද්‍ර­තා­වය නැතිවී දියුණු රටක් බවට පත් වෙන්නේ කියලා. මේ සංවා­ද­යක් නැතුව අපි නැවත වරක් මේ මහ පොළොවේ පස් කාගෙන කෑ ගැහු­වාට වැඩක් නෑ. සද්භා­ව­යෙන් කට­යුතු කර­නවා නම් අපි එක ලකු­ණ­කින් තරග කර­නවා. හැබැයි ඒකා­බද්ධව නෙවෙයි.

වෙන වෙනම දේශ­පා­ල­නය කරන අතරේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය රැක­ගන්න ඕනෙ. ඒ ගැන විශ්වා­ස­යක් තිබෙන කවු­රු­හරි ඉන්නවා නම් යෝජනා කළ යුත්තේ අවම කොන්දේසි මත එක ලකු­ණ­කින් තරග කිරී­මට වැඩ­පි­ළි­වෙ­ළක්. එහෙම නැතුව රෑට එතැන ඉඳලා දවල්ට මෙතැන ඉඳලා ආයෙ­මත් රෑට එතැන්ට ගිහින් කතා කර ඒ ගුලි කන්න අපට බෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: