hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 16, පෙ.ව. 10:15



අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා ආගමකට නිගා කිරීම ඇතුළු චෝදනා 4ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ආගමකට නිගා කිරීම යටතේ විවිධ දේශනා පවත්වමින් බෞද්ධ ධර්මයට අපහාසයට ලක් කළේ යැයි චෝදනා සම්බන්ධයෙන් සහ පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ලැබ සිටින මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි.

එමෙන් ම, දණ්ඩ නීති සංග්‍රහයේ (291, සහ 291 අ, ආ) යන වගන්ති යටතේ ‘ආගමික හැඟීම් රිදවීම යන ඒකායන චේතනාවෙන් වචන ප්‍රකාශ කිරීම සහ යම් පන්තියක ආගමට හෝ ආගමික විශ්වාසවලට නින්දා කිරීම’ යන චෝදනා සම්බන්ධයෙන් සහ මුදල් විශුද්ධිකරණ පනතේ යටතේ චෝදනා ලැබ සිටින අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සැකකරුව අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර, බුද්ධ ධර්මය විකෘති කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස අතිපූජ්‍ය මහ නාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ද ඉල්ලා තිබිණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: