hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 23, ප.ව. 4:39



දියතලාව ෆොක්ස් හිල් තරගාවලිය අතරතුර සිදුවූ අනතුරෙන් පසු බණ්ඩාරවෙල හෝටලයක Fox Hill Journey නමින් DJ රාත්‍රියක් යුධ හමුදාවේ අනුග්‍රහයෙන් සහ සංවිධානයෙන් පැවැත්වූ බවට පැතිර යන ප්‍රචාරය පිළිබඳ යුධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සමස්ථ යුද්ධ හමුදාවම කම්පනයට පත්ව සිටින මොහොතක යුධ හමුදාව හෝ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ (SLAS) අනුග්‍රහයකින් තොරව එම DJ රාත්‍රිය සංවිධානය කරන ලද්දක් බව එම නිවේදනයේ දැක්වෙනවා.

එය අදාළ හෝටලය මගින් සුපර්ක්‍රොස් තරගාවලියේ ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගෙන සංවිධානය කරන ලද්දක් බවත්, ඒ සඳහා යුධ හමුදාව කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බවත් එහි වැඩිදුරටත් සඳහන් වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: