hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 14, පෙ.ව. 2:07



පසුගිය වසර එකහාමාරක කාලය තුළ විදේශගතව පුහුණුව ලැබ මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263 ක් අතුරින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනෙකු ඇතුළුව විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනෙකු කිසිවෙකුට නොදන්වා විදේශගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසනවා.

තෘතීය සේවා පිළිබදව අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසන පරිදි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 29 දෙනෙකු පහුගිය වසර එකහාමාරක කාළය විශේෂඥ පුහුණුව ලැබ මෙරටට පැමිණ ඇති අතර ඒ අතුරින් 11 දෙනෙකු මෙලෙස කිසිවෙකුට නොදන්වා විදේශගතව තිබෙනවා.

මෙවැනි විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලාභියෙකුට රුපියල් මිලියන පහළොවක් පමණ මුදලක් ද, අර්ධ ශිෂ්‍යත්ව ලාභියෙකු සඳහා රුපියල් මිලියන අටක පමණ මුදලක් වැය වන බවත්, පහුගිය වසර එකාහමාර තුළ විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 667 දෙනෙකු විදෙස් ගත කර ඇති බවත්, තවත් වෛද්‍යවරුන් 617 දෙනෙකු විදේශගතව විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණුව සඳහා සූදානමින් සිටින බවත් ඔහු පවසා තිබෙනවා.

හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගත වි ඇතැයි ඊයේ දිනයේ වාර්තා වුණා.

දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් නිර්වින්දන වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් සිටි බවත්, ඊයේ (12) උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් හෙතෙම එංගලන්තයට ගිය බව දැනුම් දි ඇති බවයි, කියැවුණේ.

දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් හා සඳුදා දිනයේ සිට විවිධ සැත්කම් කිරිමට පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරිමට අනිවාර්යෙන්ම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුුතු වුවත්, මේ වන විට අදාළ සැත්කම් කරන්නෙ කෙසේ දැයි කියා සිතා ගන්න වත් බැරි තත්ත්වයක පසුවෙන බව හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරනවා.

කෙසේ වෙතත් අද වන විට මේ අයුරින් හම්බන්තොට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා පමණක් නොව නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනෙකු ඇතුළු 120 දෙනෙකුම නොදන්වා විදේශ ගතව ඇති බව වාර්තාවීම කනගාටුවට කරුණක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: