2026 ජූලි 25, පෙ.ව. 12:13
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය පහත වැටීම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බිඳවැටීමට සෘජුවම බලපාන බව ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
උත්සවයක් අමතමින් ඔහු අවධාරණය කළේ ජනතාව අත මුදල් නොමැති වුවහොත් ව්‍යාපාරිකයන්ට ද පැවැත්මක් නොමැති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිසේන මහතා පෙන්වා දුන්නේ, පෞද්ගලික අංශය සහ රටේ පවතින ක්‍රමවේදයන් පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටී ඇති බවයි.
මේ සඳහා මෙතෙක් රට පාලනය කළ සියලුම දේශපාලනඥයන් වගකිව යුතු බවත්, අතීතයේදී ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් වැසිකිළි පෝච්චි සහ තහඩු බෙදීමේ දේශපාලන සංස්කෘතියට තමන් ද දායක වූ බව ඔහු විවෘතව පිළිගත්තේය.
රටේ තරුණ පරපුරට උපදෙස් දෙමින් ඔහු කියා සිටියේ, රජයේ රැකියා ලැබෙන තෙක් බලා නොසිට දෑතේ රස්සාව හෙවත් වෘත්තීය පුහුණුව කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
ආර්ථික වශයෙන් බිඳ වැටී ඇති රජයකට සියලු දෙනාට රැකියා සැපයීම අසීරු බවත්, ස්වයං රැකියා සහ වෘත්තීය නිපුණතා මගින් ආර්ථික අභියෝග ජයගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
සිරිසේන මහතා හෙළි කළේ, පසුගිය මාස හතරක කාලය තුළ පමණක් ක්‍රෙඩිට් කාඩ් (Credit Card) ණය ප්‍රමාණය රුපියල් බිලියන 20කින් ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම, එම කාලය තුළ ජනතාව රන් භාණ්ඩ උකස් කිරීමේ ප්‍රමාණය ද රුපියල් කෝටි 35,000කින් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රට තුළ කර්මාන්තශාලා වැඩි වශයෙන් බිහිවිය යුතු බවත්, සංචාරක ක්ෂේත්‍රය මීට වඩා ප්‍රවර්ධනය කළ යුතු බවත් ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 ජූලි 25, පෙ.ව. 12:35
2026 ජූලි 25, පෙ.ව. 12:23
2026 ජූලි 25, පෙ.ව. 12:21
2026 ජූලි 25, පෙ.ව. 12:12
2026 ජූලි 25, පෙ.ව. 12:10
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26