hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 25, පෙ.ව. 12:21



තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් ආලෝක වර්ෂ 40ක් එපිටින් පෘථිවියේ සහ සිකුරු ග්‍රහලෝකයේ ප්‍රමාණයෙන් යුත් ග්‍රහලෝකයක් සොයාගෙන ඇත.

Gliese 12b ලෙස නම් කර ඇති මෙම ග්‍රහලෝකය මෙතෙක් සොයාගැනුනු පෘථිවියට ඉතා සමාන සහ වාසය සඳහා සුදුසුම ග්‍රහලෝකයක් ලෙස සැලකේ.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සමඟ එක්ව නාසා ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස නව ග්‍රහලෝකය සොයා ගෙන ඇත.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ Gliese 12b යනු වාසයට සුදුසු ග්‍රහලෝක කිහිපයෙන් එකක් බවයි.

Gliese 12b හි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත, නමුත් එහි වායුගෝල සම්බන්ධයෙන් තවමත් නිෂ්චිත තොරතුරු අනාවරණය කරගෙන නොමැත.

විද්‍යාඥයින් පවසන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටීම හේතුවෙන් මෙම ග්‍රහලෝකය සමීප නිරීක්ෂණය අභියෝගයක් බවයි.

ග්ලයිස් 12b ග්‍රහලෝකය සෑම දින 12.8 කට වරක් එහි සූර්යයා වටා කක්ෂගත වන බව සඳහන්.

Gliese 12b සොයාගත් විද්‍යාඥයින් කණ්ඩායම නාසා ආයතනයේ සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ චන්ද්‍රිකාවල දත්ත භාවිතා කර ග්‍රහලෝකයේ පැවැත්ම සහ එහි ප්‍රමාණය, උෂ්ණත්වය සහ පෘථිවියට ඇති දුර වැනි එහි ලක්ෂණ තහවුරු කර ඇත.

අපට පෙනෙන ආලෝකය වසර 40 කට පෙර 1984 දී එම ග්‍රහලෝකයෙන් නිකුත් වූ ආලෝකය බව පරීක්ෂණ කණ්ඩායම පැවසුවේ ග්‍රහයාගේ සිට පෘථිවියට ඇති දුර පිළිබඳ අදහසක් ලබාදෙමිනි.

Gliese 12b වැනි ග්‍රහලෝක ඉතා දුර්ලභ බැවින් එය සමීපව නිරීක්‍ෂණය කර එහි වායුගෝලය සහ උෂ්ණත්වය පිළිබඳව දැනගැනීම දුර්ලභ අවස්ථාවක් බවද පරීක්ෂණ කණ්ඩායම වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: