2026 මැයි 21, පෙ.ව. 9:43
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මඩකලපුව බන්ධනාගාරයේ සිටි හිටපු රාජ්‍ය ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් හමු වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (20) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය කළේය.
ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී සතියක් තුළ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට ඇප ලබා ගැනීමට කටයුතු කරන බවට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ එහිදී දැනුම් දී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී අනාවරණය කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,
“මේ ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගිහින් පිල්ලෙයාන් හමුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් එළියට ගන්නා බවට ඔවුන් පිල්ලෙයාන්ට දැනුම් දෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා. ඉන්පසුව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ සුරේෂ් සලේව සමස්ත රාජ්‍ය බුද්ධි සේවයේ ම ප්‍රධානියා වශයෙන් පත් කරනවා.”
පිල්ලයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානාගෙන් ලබාගත් ප්‍රකාශ මත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම කරුණු අනාවරණය කළේය.
ප්‍රංශයේ වෙසන අසාද් මවුලානාගෙන් ප්‍රංශ තානාපති කාර්යාලයේදී විමර්ශන නිලධාරීන් මෙම ප්‍රකාශ සටහන් කරගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.
2026 මැයි 21, පෙ.ව. 10:14
2026 මැයි 21, පෙ.ව. 10:02
2026 මැයි 21, පෙ.ව. 9:54
2026 මැයි 21, පෙ.ව. 9:40
2026 මැයි 21, පෙ.ව. 12:24
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26