hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 12:10



විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා.

ඒ සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ 2015.12.31 ට පෙර සහ 2016.01.01 සිට 2020.01.01 දක්වා විශ්‍රාම ගොස් ඇති සියලුම විශ්‍රාමිකයන් වෙත, විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 67,608ක් අවශ්‍ය වන බවයි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 හි විධිවිධාන අනුව විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම සඳහා අවස්ථා දෙකක දී රජය විසින් උත්සාහ දරනු ලැබු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා.

නමුත් පැවති මූල්‍ය හා ආර්ථික දුෂ්කරතා හමුවේ ඒ සඳහා ප්‍රමාණවත් මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නොහැකි වීමත්, රජයේ ප්‍රමුඛතා වෙනස් වීමත්, විශ්‍රාමිකයින් සියලු දෙනාටම ප්‍රමාණවත් සහනයක් ලබාදිය යුතු බවට වූ රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදු වී ඇති නමුත් මඟ හැරීමක් සිදු වී නොමැති බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: