hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 24, පෙ.ව. 12:09



පළාත් පලන මැතිවරණය සම්බන්ධයෙන් ලබන සතියේ පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, දින නියමයක් නොමැතිව කල්දමා තිබෙන පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මණින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොමිසමට ලබා දුන් නියෝගය පිළිබඳව අදහස් පළ කරමින්.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් ඇතැම් පුද්ගලයන් මේ වනවිට මියගොස් ඇති බව ද සඳහන්.

ඇතැම් රැකියා සඳහා විදෙස් ගත වී ඇති බවත්, බොහෝ අපේක්ෂකයින් දේශපාලනයෙන් ඉවත් වී ඇති බවත් කොමිෂන් සභාව සඳහන් කරනවා.

මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී තරග නොකරන අපේක්ෂකයන් වෙනුවෙන් වෙනත් අපේක්ෂකයින් යෙදවීමට නොහැකි බව ද සඳහන්.

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂක‍යන් ලෙස ඉදිරිපත්වීමට රජයේ සේවකයන් 3,000ක් පමණ නාමයෝජනා පත්‍ර බාරදී තිබුණා.

මෙවර ජනාධිපතිවරණයේදී රාජකාරි වේලාව තුළදී ඔවුන්ට දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි බවයි, සභාපතිවරයා කියා සිටියේ.

එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ද ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය කළා.

පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයන් තෝරාපත්කර ගැනීමට නියමිතයි.

මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයෝ 80,672 නාමයෝජනා බාර දී ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: