hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 25, ප.ව. 12:40



දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනා පැය 24 ක කාලයකින් 24 රාත්‍රී පලවා හැරීමට වනජීවී නිලධාරින් හා ආරක්ෂක නිලධාරීන්ට හැකිවූ බව දඹුල්ල පොලිසිය කියයි.  

23 වන දින රාත්‍රී මෙම වන අලින් තිදෙනා දඹුල්ල නගරයට පැමිණ අතරමංව නිවාස ආසන්නයේ හා වෙළදසැල් අවට සැරිසරන අයුරු 24 දින අලුයම ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

මේ වන අලින් තිදෙනා දවස පුරා නගරයේ වෙළදසැල් පිටුපස ජනතාව පදිංචි ප්‍රදේශයට පැමිණ දවස පුරා සැරිසැරූ බවත් ජනතාව ද අලි බැලීම සදහා උනන්දුවක් දක්වනන වූ අතර නිවෙස් තුල සිටද අලි බලන අයුරු දැක ගැනීමට හැකි වුණා.

වන අලි තිදෙනෙක් හේතුවෙන් නගරය අවට නොසන්සුන්තාවයක් ඇති වු අතර උදෑසන සිට සවස් කාලය දක්වා රැඳී සිටි  වන අලි  සිගිරිය වනජීවී නිලධාරීන් පොලිසිය ප්‍රදේශයේ හා නගරයේ ආරක්ෂාව වෙනුවෙන් උදෑසන සිට රැකවල් යොදා පසුව රාත්‍රී කාලය උදා වෙත්ම වනජීවී නිලධාරීන්  දඹුල්ල පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහය මත වන අලි රැදී සිටි ස්ථානයේ සිට කිරලව මාරකෑල්ල රක්ෂිත ප්‍රදේශයට පලවා හැරීමට පියවර ගත්තා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: