hit counter

2026 ජූලි මස 12 වන ඉරිදා

2026 ජූලි 13, පෙ.ව. 12:15



භික්ෂූන් වහන්සේලා සතු ජාතික සහ දේශපාලනික වගකීම පිළිබඳව අවබෝධයක් නොමැති පිරිස් උන්වහන්සේලාගේ භූමිකාව ප්‍රශ්න කරමින් සිටින බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

මෙරට ඉතිහාසය පුරාම රාජ්‍යත්වයට සහ රටට එරෙහිව පැමිණි සෑම බලවේගයක්ම පරාජය කිරීම සඳහා අවශ්‍ය ශක්තිය සහ මඟපෙන්වීම ලබා දුන්නේ මහා සංඝරත්නය බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

“භික්ෂූන් වහන්සේගේ ජාතික වගකීම සහ දේශපාලනය ගැන අබමල් රේණුවක දෙයක් දන්නේ නැති අය තමයි හාමුදුරුවරුන්ගේ භූමිකාව ගැන අහන්නේ. මේ රටේ රජවරුන්ට රට රකින්න අවශ්‍ය කරන ජාතික බලය දුන්නේ මහා සංඝරත්නයයි. දුටුගැමුණු මහරජතුමා යුද්ධයට යද්දී රහතන් වහන්සේලා 500 නමක් පිරිත් සජ්ඣායනා කරමින් පෙරමුණෙන් වැඩම කළා. එළාර රජතුමා පන්සල් කැඩුවේ නැත්නම්, දානේ දුන්නා නම් සංඝරත්නයට එයා එක්ක ඉන්න තිබුණා. නමුත් එහෙම නොකළේ උන්වහන්සේලා තුළ තිබුණු ‘ජාතික හැඟීම’ නිසයි.”

එමෙන්ම, ඉතිහාසයේ ඇති වූ දේශපාලන අර්බුද සහ සහෝදර යුද්ධ වැළැක්වීමට ද මහා සංඝරත්නය සෘජුව මැදිහත් වූ බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමාරවරුන් අතර ඇති වූ ගැටුමේදී, දෙමටමල් විහාරයේ සැඟව සිටි සද්ධාතිස්ස කුමාරයාව මහා සංඝරත්නය විසින් සිවුරෙන් වසා මැස්සක තබාගෙන ආරක්ෂිතව රැගෙන ගිය බව උන්වහන්සේ සිහිපත් කළා.

එදා මහා සංඝරත්නය මැදිහත් වී එම සහෝදර සටන නොවැළැක්වූවා නම්, දෙදෙනාගෙන් අයෙකු මරණයට පත්වීමට ඉඩ තිබූ බවත්, එසේ වූවා නම් මෙරට එක්සේසත් කිරීමේ මහා යුද්ධය ජයග්‍රහණය කිරීමට කිසිසේත් ඉඩක් නොලැබෙන බවත් සද්ධාතිස්ස හිමි ප්‍රකාශ කළා.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ,

“මුලු ලංකාවේ හාමුදුරුවොන්ගේ දේශපාලනය පිළිබඳව අබමල් රේණුවක යමක් දන්නේ නැති අය අහනවා. භික්ෂූන් වහන්සේගේ වගකීම දේශපාලනයට කොතෙක් තියෙනවද කියලා ඇහුවොත්, ඒක අබමල් රේණුවක දෙයක් දන්නේ නැති අය තමයි එහෙම අහන්නේ. මහා සංඝරත්නය තමයි මේ භූමියට එරෙහිව තියෙන හැම බලවේගයක්ම යටපත් කිරීම සඳහා රජාට අවශ්‍ය කරන බලය දුන්නේ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: