hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2024 මැයි 05, ප.ව. 5:20



අධ්‍යාපනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06) දිනයේ ආරම්භ වීමට නියමිතයි.

එම විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් විශේෂ වෛද්‍ය උපදෙස් කිහිපයක් නිකුත්කර තිබෙනවා.

ඒ මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ය.

ඒ අනුව විභාගයට පෙනී සිටින සිසුන් දියරමය පානවර්ග ලබා ගැනීම සුදුසු බව මේ පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගමගේ සඳහන් කර සිටියා.

ඒ සඳහා වඩාත් උචිත පිරිසිදු පානිය ජලය බව ඒ මහතා පැවසුවා.

එමෙන්ම, විභාගය සදහා යෑමේ දී හිරු එළියෙන් ආවරණය වීම සඳහා අවශ්‍ය කුඩයක් හෝ ඒ සඳහා සුදුසු දෙයක් භාවිතා කරන ලෙසත් ඔහු කියා සිටියා.

තව ද, විභාගය අතරතුර ලැබෙන කාල සීමාව තුළ හිරු එළියට නිරාවරණය වීමට නොයා සිසිල් ස්ථානයක රැඳී සිටින ලෙසත් විදුලි පංකාවක් තිබේනම් එම විවේක කාලයේ දී ඒ අසල රැදී සිටීම සුදුසු බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: