hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2024 මැයි 27, ප.ව. 9:35



අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මෙම සති අන්තයේ නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට මෙවර පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයදුම්කරුවන් 65531 ගණනක් පෙනී සිටියා.

ඒ අනුව සමස්ත සිසුන් 346976 දෙනෙක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: