hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 30, පෙ.ව. 12:08



පොහොර සහනාධාරය ලබා දීමේ යම් ගැටලුවක් පවතින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුනාරත්න මහතා පැවසීය.

එම ගැටලුව මේ වනවිට හඳුනාගෙන තිබේ.

ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

මෙවර කුඹුරු හෙක්ටයාර අට ලක්ෂ පනස් දහහසක් වගා කර ඇතිබවට සංඛ්‍යා ලේඛන පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ සියලු ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 25000 බැගින් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව පැවසීය.

රුපියල් මිලියන 20000කට වැඩි මුදලක් ඒ සඳහා වෙන්කර බව පැවසීය.

මේ අතර රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බව නියෝජ්ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

වී වගාව සඳහා අවශ්‍ය මඩ පොහොර,යූරියා සහ එම්.ඕ.පී. පොහොර වර්ග අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රට තුළ පවතියි.

පොහොර තවත් අඩු මිලට ගත හැකි ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: