hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:04



කෘත්‍රිම ආහාර ලබාදීමෙන් කුඩා දරුවන්ට රක්තවාත දද (ඒටොපික් එක්සීමා) සෑදෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ හෙට (14 ) දිනට යෙදී ඇති ලෝක ඒටොපික් එක්සීමා දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙහිදි විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළේ කුඩා දරුවන්ගෙන් සියයට තිහක පමණ පිරිසකට රක්තවාත දද හෙවත් ඒටොපික් එක්සීමා ආසාදනය වන බවය.

වැඩිහිටින්ගෙන්ද සියයට දහයක පිරිසකට රක්තවාත දද ඇති වන බව ඇය සඳහන් කළාය.

මෙම රෝගය ජානමය වශයෙන් ආසාදනය විය හැකි අතර එම දරුවන් අතර ඇදුම,පීනස තත්ත්වය,සොටු දියර ගැලීම වැනි රෝගි තත්ත්වයන් දක්නට ලැබෙයි.

එසේම මෙම රෝගය සංවර්ධිත රටවල අතිතයේ දක්නට ලැබුණද මේ වනවිට සංවර්ධනය වෙමින් පවතින රටවලද දක්නට ලැබෙන බවත් කුඩා ගැහැනු ළමුන්ට මේ රෝගය වැඩිපුර අසාදනය වීමේ අවදානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය.

සබන් වර්ග භාවිතයට නොගෙන ඊට විකල්ප භාවිත කිරීම සහ කපු ඇඳුම් ඇන්දවීම සුදුසු බව විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: