hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:30



මේ වන විට රට තුළ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම්වල බලපෑම නිසා අප රටට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ ඊයේ (04) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවිම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී.

මේ නිසා ආහාර අහේනි තත්ත්වයක් උද්ගත වීමට ඇති ඉඩකඩ සම්බන්ධව පැවසූ අමාත්‍යවරයා හැකි පමණින් ගෙවතුවල එළවළු වගා කිරීමේ වැඩ පිලිවෙළක් හා මෙවර මහ කන්නයේ ආහාර බෝග වගා සැලැස්මක් වහාම ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී තිබුණා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”පසුගිය දිනවල පැවැති දැඩි නියඟය නිසා වී වගා කළ අක්කර 70,000ක් පමණ විනාශ වී ඇති අතර දැනට පළාත් කිහිපයකට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා අස්වනු නෙලීමට ආසන්නව තිබූ අක්කර සිය ගණනක වී වගාව ද විනාශ වෙලා. පහතරට එළවළු වගාවන් ද මේ වන විට වර්ෂාව නිසා විනාශ වී ගොස් තිනාවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කර තිබු අක්කර 15,000ක පමණ මුං ඇට වගාවන් ද මුළුමනින්ම විනාශයි. එකෙන් රටේ සමස්ත මුං ඇට අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ මෙම වගාව තුළින් ලබා ගැනීමට හැකිව තිබුණා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: