hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 28, පෙ.ව. 12:02



මේ වන විට දේශීය වෙළෙඳපළෙන් ආහාරය සඳහා මිලදී ගන්නා එළවළු, පලතුරු මෙන්ම සහල් හා මස්, මාළු බොහොමයක් කල් තබා ගැනීම සඳහා යොදන වස විෂ, අඩංගු රසායන ද්‍රව්‍ය හේතුවෙන් රෝග කාරක බවට පත්ව ඇතැයි වෛද්‍යවරු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ වස විෂ සහිත ආහාර ගන්නා රටවල් අතුරින් පළමුවැනි ස්ථානයට පත්ව ඇති බවත් කොස් කල් තබා ගැනීමට හා අඹ ඉදවීමට පවා සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය යොදා ගන්නා බවත් හෙළිවී ඇති බව ඔවුහු කියා සිටිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ඩබ්ලිව්. ඩී. රොෂාන් කුමාර මහතා පෙන්වා දෙන්නේ මෙරට වෙළෙඳසල්වලින් අලෙවි කෙරෙන චිකන් බුරියානි වර්ග හා ෆ්‍රයිඩ් රයිස් කහ පැහැ ගැන්වීම සදහා අධි මාත්‍රාවෙන් භාවිත කරන කහ පැහැති වර්ණකයක් හේතුවෙන් සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

කහ වෙනුවට යොදා ගන්නා මෙම කහ වර්ණකයෙන් නියම කර ඇති මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවක් බුරියානි හා ෆ්‍රයිඩ් රයිස් තැනීම සඳහා යොදා ගන්නා බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් රෝගාතුර වීමේ අවදානමක් ඇති බවත් මෙම වර්ණක සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බවත් ඔහු සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: