2024 සැප්තැම්බර් 30, පෙ.ව. 12:09
ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියෙන් ඉවත් වූ 750 ක පමණ පිරිසක් සමජය තුළ විවිධ අපරාධ වල නිරතව සිටින බවට තොරතුරු ඇතැයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවෙහි පැවසුවේය.
කලකට ඉහත දී සිදුකළ නිරීක්ෂණයක දී මෙම තොරතුරු අනාවරණය වූ බවත් මේ අතරින් වැඩි පිරිස යුද හමුදාවේ හිටපු සෙබළුන් බවත් ඒ මහතා කීය.
වැඩ බලන පොලිස්පති ලෙස පත්වීම් ලද වීරසූරිය මහතා මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත් ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.
“පොලීසිය දිගින් දිගටම මෙහෙයුම් වල නිරත වුණා. යුක්තිය මෙහෙයුමේ දී සමස්ත දෙපාර්තමේන්තුවේම නිලධාරීන් ඒ අරමුණ වෙනුවෙන් යොදවූවා. යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී පැවැති අඩුපාඩු අපි නිරීක්ෂණය කළා. පොලීසියට අණ පනත් වලින් ලැබී තිබෙන බලතල අනුව ඉදිරියේ දී මෙම මෙහෙයුම් නොනවත්වා ඉදිරියට ගෙන යනවා. නීතිය ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීම, අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම පොලිස් ස්ථාන මගින් නිරන්තරව සිදු කරනවා. වෙනත් රාජකාරි වල යොදවා සිටි නිලධාරීන් ද මේ සඳහා යොමු කරමින් මීට වඩා වැඩි ධාරිතාවකින් ඉදිරියේ දී මෙම මෙහෙයුම් සිදු කරනවා. පොලීසියේ නිලධාරි හිඟයක් පවතිනවා.
මේ වනවිට වෙනත් රාජකාරි වල යොදවා සිටි පිරිස් නැවත කැඳවා තිබෙනවා. මහජන සේවය නිසි ලෙස ඉටු කිරීමේ අවශ්‍යතාව මත පදනම්ව තමයි මේ කැඳවීම් කරන්නේ. විශේෂයෙන්ම අපරාධ වැලැක්වීමට මේ අය කටයුතු කරනවා. ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සේවය කරන අය අපරාධ වලට සම්බන්ධ වූ අවස්ථා ඉතිහාසයේ සිටම වාර්තා වී තිබෙනවා. ඒ අයත් මේ සමාජයේම කොටසක්. පොලීසිය මහජන ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරව කටයුතු කරනවා. ඊට අමතරව අපරාධ වැලැක්වීම, අපරාධකරුවන් නීතියේ රැහැනට ගැනීම, අධිකරණ කටයුත නිසියාකාරව මෙහෙයවීම පොලිස් ස්ථාන මගින් සිදු කරනවා. පොලිස් නිලධාරීන්ගෙන් ඒ කටයුතු නිසි ලෙස ඉටු නොවනවා නම් අපිට දැනුම් දෙන්න. මහජන ජීවිත හා දේපොළ ආරක්ෂා කිරීමේ වගකීම පොලීසියට පැවරී තිබෙනවා. ඉදිරියෙ දී වඩා විධිමත් ලෙස පොලිස් ස්ථාන හරහා මෙම කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට සැළසුම් කර තිබෙනවා.”
2024 නොවැම්බර් 05, ප.ව. 5:31
2024 නොවැම්බර් 05, පෙ.ව. 9:39
2024 නොවැම්බර් 05, පෙ.ව. 12:06
2024 නොවැම්බර් 05, පෙ.ව. 12:04
2024 නොවැම්බර් 05, පෙ.ව. 12:04
01-11-24
01-11-24
25-10-24
25-10-24
23-10-24
23-10-24
23-10-24
23-10-24
23-10-24
23-10-24
18-10-24
18-10-24
14-10-24
14-10-24
11-10-24
11-10-24
01-10-24
01-10-24
30-09-24
30-09-24
27-09-24
27-09-24
27-09-24
27-09-24