hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:04



පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් වැට් බදු සංශෝධන පනත ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත තිබෙනවා.

ඒ අනුව ඇතැම් භාණ්ඩ සහ සේවාවන් මිල ගණන් සියයට 20කින් පමණ ඉහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් සඳහන් කළේ.

දුරකතන, සූර්ය පැනල, පික්මී හා උබර් ප්‍රවාහන සේවාවන්, ඉන්ධන සහ රන් ආභරණ සඳහා ප්‍රමුඛ ස්ථානයක් හිමි වන බව සඳහන්.

කෙසේ වෙතත් ලෝක බොරතෙල් වෙළඳපොලේ මිල ගණන්වල අඩු වීමක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ හේතුවෙන් මෙරට ඉන්ධන මිලට විශාල බලපෑමක් සිදු නොවනු ඇති බව ද මෙරට ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා.

පුනර්ජනනීය බලශක්තියෙන් (සුළං/ සූර්ය) විදුලිය නිෂ්පාදනය ඉහළ දැමීමට කතාබහ කළත් ලබන ජනවාරි සිට අය කෙරෙන සියයට දහ අටක වැට් බදු නිසා සූර්ය පැනලයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ වැඩිවන බව ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ලේකම් ලක්මල් ප්‍රනාන්දු මහතා පැවසුවා.

සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට තිබෙන අවස්ථාව මේ නිසා මඟහැරී යන බවත් ලබන වසරේදීත් ඉන්ධන, ගල් අඟුරු ඇතුළු අධික වියදම් සහිත ප්‍රභවයන්ගෙන් විදුලිය නිපදවීමට සිදුවන බවත් ඒ මහතා සඳහන් කළා.

හරි නම් කළ යුතුව ඇත්තේ සූර්ය පැනල මිල අඩු කිරීම වුවත් මෙතෙක් නොතිබූ වැට් බද්දක් නිසා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඩපණවී යනු ඇතැයිද ප්‍රනාන්දු මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: