hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 9:51



මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

ඒ වෙනත් වර්ෂවලට සාපේක්ෂවයි.

ඒ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළා.

ඒ අනුව ඉන්ධන සඳහා පාරි‍භෝගික ඉල්ලුම සියයට 50කින් පමණ අඩු වී ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි එම සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල දී ගැනීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා,

“මිල ඉහළ යාමත් ජනතාව දැන් හුඟාක් වාහනවලින් ගමනාගමනය අඩුකරලා තියෙන්නේ. හුඟ දෙනෙක් පොදු ප්‍රවාහනයේ යනවා. පරණ තිබුණ පරිභෝජනය හා සසඳා බලද්දි ගොඩක් අය අත්‍යවශ්‍ය ගමන් සඳහා තමයි තෙල් ගහලා වාහනේ තියාගෙන ඉන්නේ. ත්‍රීවිල්, බයික් පොඩ්ඩ පොඩ්ඩ හරි ගහනවා. පිට පළාත්වල ෂෙඩ්වල මේක හොඳට පේනවා. ඒ පැත්තෙන් බලනකොට වෙළෙඳාම සෑහෙන අඩුවෙලා තියෙනවා.” යනුවෙන් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: