hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:03



හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙවර මැතිවරණය සඳහා තරඟ නොකරන්නේ ජයග්‍රහණය කළ නොහැකි නිසා බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

මෙවර සමගි ජන බලවේගයට කොළඹින් ලබාගත හැක්කේ ආසන 04ක් බවත් සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා, එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, මනෝ ගනේෂන් සමග කොළඹින් පාඨලීට ජයගත නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

පාඨලී චම්පික මෙවර කළුතරින් තරඟ කිරීමට උත්සාහ කළ ද කළුතර සජබ කණ්ඩායම ඊට විරුද්ධ වී ඇති බවත් පවසන ගම්මන්පිල, පාඨලී සජබ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වය ඉල්ලා සිටිය ද නොලැබුණු හෙයින් ගැටුමක් නිර්මාණය කර තරඟ නොකිරීමේ තීන්දුව ගත් බව ද සඳහන් කළේය.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර හමු වී එම සර්වජන සන්ධානයට එකතු වීමට පාඨලී උත්සාහ කළ ද එය ද අසාර්ථක වූ බව උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: