hit counter

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 17, පෙ.ව. 12:07



මින් පසුව කිසිදු හේතුවක් නිසා හෝ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබා නොදෙනු ඇත.

ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

මේ බව ඒ මහතා කියා සිටියේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ය.

මෙම රැස්වීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහි අරමුණ නාගරිකව ඇති කුඹුරු ඉඩම්වලින් ඉහළම ඵලදායිත්වයක් ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම වේ.

කෙසේ වෙතත්, පාදුක්ක තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් තරුණ කෘෂිව්‍යවසායකයින්ට කුකුළු පැටව් හා පොල් පැළ ද බෙදාදීමක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: