hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2024 මැයි 16, පෙ.ව. 12:12



ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම බලකායේ නිලධාරීන් හා ශිෂ්‍ය භටයන් ලෙස බඳවා ගනු ලබනවා.

1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගීතා හා පරිපූරක හමුදා පනතේ V වන කොටස යටතේ පරිපූරක හමුදාමය ආයතනයක් වශයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇත.

මෙහිදී රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍ය භට කටයුතු තවදුරටත් ප්‍රවර්ධන කිරීම සඳහා අධිකාරී ලත් නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ,ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය යන සේවාවලට අයත් නිලධාරීන් ජාතික ශිෂ්‍ය භට බලකායට බඳවා ගැනීම පිණිස මූලික පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට අදහස් කර තිබෙනවා.

මේ අනුව අදාල සේවාවන් වල 1,2 සහ 3 ශ්‍රේණි වලට අයත් නිලධාරීන් දහසක් බඳවාගෙන මූලික පුහුණු පාඨමාලාවකින් පසු අධිකාරිලත් නිලධාරීන් ලෙස පත්කිරීමට සැලසුම් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: