hit counter

2024 ඔක්‍තෝබර් මස 06 වන ඉරිදා

2024 ජූලි 09, පෙ.ව. 12:02



ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදී ලබාදිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් බවත් ලබන අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

මේ වනවිට රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

” අපි ගුරුවරුන්ට 2022 වැටුප් වැඩි කිරීමක් සිදු කළා. ඒ වගේම 2024රුපියල් දස දහසක දීමනාව ලබා දුන්නා. ඒ නිසා එම ඉල්ලීම් අසාධාරණයි. ඔවුන්ට දෙවරක් දීමනා ලැබෙන විට අනිත් අයට ලැබුනේ එක් වරයි.

ඒ වගේම සංවර්ධන නිලධාරින්, ලිපිකරුවන් කියනවා වැටුප් වැඩි කරන්න කියලා. මෙම වැටුප් වැඩිකිරීම් සිදු කළොත් දෙන්න සල්ලි නැහැ. එවිට බදු වැඩි කිරීමට සිදු වෙනවා. දැන් 18%ක වැට් බද්දක් අය කරනවා. එම දීමනාව ලබා දුන්නොත් නැවත වැට් බදු වැඩි කිරිමට සිදු වෙනවා. එය ජනතාවට දරා ගන්න බැහැ.

ඒ වගේම රජයේ සේවයේ සිටිය යුත්තේ ලක්ෂ 10යි. නමුත් මේ වන විට ලක්ෂ 15ක් සිටිනවා. ඇතැම් අය කිව්වා ලක්ෂ 05ක් වැටුප් රහිත නිවාඩු යවන්න කියලා. පස්සේ එම ගෙවීම් කරන්න කිව්වා. ලක්ෂ 10කට වැටුප් ලබා දෙන්න වැට් බද්ද 18%ක් දක්වා වැඩිකරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඔවුන් කිව්වා.

එහිදී මම කිව්වා කිසිවෙකු නිවාඩු යවන්න බැහැ කියලා. ජනතාවගෙන් බැනුම් අහලා වැට් බදු වැඩි කරලා රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබා දුන්නට පස්සේ මේ වසරේ නැවත ඔවුන්ට වැටුප් වැඩිවීමක් ලබාදෙන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ.

එලෙස වැටුප් වැඩිවීමක් ලබාදුන්නොත් ජනතාව අපහසුතාවට පත් වෙනවා. මේ මාසයේ මැද සිට මැතිවරණවලට සූදානම් විය යුතුව තිබෙනවා. නමුත් ලබන වසරේ මෙම වැටුප් සංශෝධන ගැන සොයා බැලීමට අප මේ වන විට කමිටුවක් පත් කර තිබෙන අතර 2025 අය වැයේදී එම අවශ්‍ය මුදල් වෙන් කිරීමට කටයුතු කරනවා.

රට ආර්ථික වශයෙන් ගොඩනැ‍ඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩා බිඳ දැමීමට ඇතැමුන් උත්සාහ කරනවා. අප මෙම වැටුප් වැඩිවීම්වල මුදල් ලබා දුන්නහොත් අපට ලැබීමට තිබෙන ඩොලර් බිලියන 08 අහිමි වෙනවා. අද රටේ තිබෙන ආර්ථිකය අනුව කිසිදු පක්ෂයකට මෙය කිරීමට හැකියාවක් නැහැ.”

“නීති ගරුක රටක්” යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: