2024 නොවැම්බර් 03, පෙ.ව. 12:05
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පසුගිය රජය තීරණය කර ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
ආණ්ඩුව මාරුවීමට නියමිතව තිබු වෙලාවක රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය මුදල් තිබෙනවාද නැද්ද සොයා නොබලා අනුමැතිය ලබා නොගෙන පසුගිය රජය එම ප්‍රකාශය සිදුකළ බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සදහන් කළේ,
“රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා කීවේ මැතිවරණයක් කිට්ටු කරලා පත් කරපු කමිටුවේ ඉන්ටරිම් රිපෝට් එකවත් ෆයිනලයිස් වෙන්න ඉස්සරලා එයට විශාල බලපෑමක් කර මේක දෙන්න දෙන්න කියා, ඒකට මුදල් තියෙනවාද.? නැන්ද.? කියන එකට හරියට අනුමැතිය ලබාගන් නැතිව ආණ්ඩුවක් මාරුවීමට නියමිතව තිබ්බ වෙලාවක තමයි ඒ ප්‍රකාශය කරන්නේ.
එවැනි තීරණයකට මුදල් වෙන්කිරීමේ බලය තියෙන්නේ අයවැය හරහා.. අලුත් ආණ්ඩුවක් අයවැය ගැන තීරණය කරන්න තියනකොට කොහොමද එහෙම ප්‍රකාශයක් කරන්නේ.. ව්‍යවස්ථා මට උගන්වන්න හදන පුද්ගලයා තමයි තාම ඒ තීරණය ඩිෆෙන්ඩ් කරන්නේ.
රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවිය යුතුයි කියන කියන එක ගැන අපිට විවාදයක් නෑ. නමුත් කරන විදිහක් තියෙනවා. බජට් එක තුළ අධ්‍යනයක් කර තියෙන විකෘති විශමතා තවත් අර්බුදයකට යන්නේ නැති විදිහට අපි තීන්දු තීරණ ගන්නවා.”
කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.
2024 දෙසැම්බර් 05, පෙ.ව. 10:53
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24