2026 මැයි 12, ප.ව. 1:29
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (12) පෙරවරුවේ මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එහිදී ජනපති පැවසුවේ රාජ්‍ය නිලධාරීන් තුල යම් බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත් නීතියේ රාමුව ඇතුලත රාජකාරි සිදු කිරීමට කිසිදු අවස්ථාවක දී නිලධාරීන් බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවත්ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති පැවසුවේ රාජකාරි සිදුකිරීමේදී පවතින නීති රෙගුලාසිවලින් යම් බාධාවක් ඇති කරන්නේ නම් ඒ සම්බන්ධව දැනුම්වත් කරන ලෙසත් ඒ අනුව අවශ්‍ය පරිදි එම නීති රෙගුලාසි වෙනස් කිරීමට කටයුතු කළ හැකි බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
ඔබ දන්නවා ඕනෑම පරීක්ෂණයකදී නමක් ගෑවුණොත් ඒ කෙනාගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ නැද්ද. ගන්න ඕනේ. ඒ සාක්ෂියක් ගැනීම මහා ව්‍යවසනයක් බවට පත් කිරීමේ සංස්කෘතියක් අපේ රටට අවශ්‍ය වන්නේ නෑ. මා පිළිබඳව සඳහන් වෙලා තියෙනවා නම් මගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ නැද්ද? අපි නීතියට උඩින්ද? නෑ. නමුත් එවැනි මතයක් සංස්කෘතියක් ගොඩ නැගීමේ උත්සහායක් තිබෙනවා. හැදෙනාම නීතියට යටත් වෙන බිය වෙන සමාජයක් ඕනේ. නමුත් ඒ කිසිදේකින් රාජ්‍ය නිලධාරීන්ට තමාගේ සීමාවන් යටතේ වැඩ කිරීමට බධාවක් ඇති කරන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවය බිය ගැන්වීමක් ද ? , ඒක වෙන්න පුළුවන්ද ? වෙන්න විදියක් නෑ.නීතිය කිසිසේත්ම අසාධාරණව, වෛරයෙන්, පළි ගැනීමේ චේතනාවෙන් ක්‍රෝධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණව. එහෙම වෙන තැනක් නැති නම් අපිට කියන්න. ඒ සඳහා නීතියේම ඉඩ ප්‍රස්ථාව තිබෙනවා සාධාරණත්වය පතන්න. ඒ නිසා ඔය ගොල්ලෝ වැඩ කරන්න බය නැතුව. ඔබ කිසිවෙකුට දේශපාලන අධිකාරියේ බලපෑමක් නෑ. එහෙම තියෙනවා නම් අපිට කියන්න. නිදහස්ව කාර්යක්ෂමව වැඩ කිරීම තමා අපේ අපේක්ෂාව.අපේ රටේ ජනාධිපතිවරු ගණනාවක් සිටියා නීතියෙන් ඔප්පුවෙලා තියෙනවා ව්‍යවස්ථාව කඩ කරලා තියෙනවා කියලා. අපි හැමකෙනාටම නීතියේ රාමුවක් තියෙනවා. සමහර අවස්ථාවල එය බාධවක් වේවී. ඒවා අපිට කියන්න අපි ඒවා වෙනස් කරමු අවශ්‍ය පරිදි සාකච්ඡා කරමින් ඉන්නවා ප්‍රසම්පාද ක්‍රියාවලි වෙනස් කිරීම සඳහා අවශ්‍ය තැන් වලට.”
එහිදී ජනාධිපතිවරයා දිට්වා ව්‍යවසනයෙන් සිදු වූ අපදා සඳහා වෙන් කළ මූල්‍ය ප්රතිාදන සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් දැක්වීය.
2026 මැයි 12, ප.ව. 1:38
2026 මැයි 12, ප.ව. 1:33
2026 මැයි 12, ප.ව. 12:09
2026 මැයි 12, පෙ.ව. 10:29
2026 මැයි 12, පෙ.ව. 9:47
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
11-05-26
10-05-26
10-05-26
10-05-26
10-05-26
09-05-26
09-05-26