hit counter

2026 මැයි මස 18 වන සඳුදා

2026 මැයි 18, පෙ.ව. 12:12



රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මොනරාගල දිස්ත්‍රික්කයේ ‘දිට්වා’ වන්දි ගෙවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආපදා සහන සේවා නිලධාරියාගේ රාජකාරි වැඩ තහනම් කල බවයි.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට චෝදනා එල්ල වී ඇති ග්‍රාම නිලධාරියා ද පරීක්ෂණ කටයුතුවලට පහසුවීම සඳහා වෙනත් කොට්ඨාසයකට මාරු කර ඇත.

මේ වනවිට එම සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතින බවද අදාළ නිවේදනයේ සදහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: