hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:05



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ වසරකට පෙර සිසුන්ට සිය උපාධිය කරා ගමන් කිරීමට අවස්ථාව සැලසීමට රජයේ අවධානය යොමුවී ඇති බවයි.

කොළඹ විශාඛා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එකවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

දරුවෝ බලාපොරොත්තු වෙන්නේ වෙලාවට විභාගයක්. වෙලාවට ප්‍රතිඵල. වෙලාවට උසස් අධ්‍යාපනයට යා හැකි දොරටු විවෘත වීමක්.

ඒ නිසා මේ කාලසටහන අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටිනවා.

දරුවන් උපාධිය කරා ගමන් කරන කාලය වසරක් කලින් අඩු කරගන්නට අපි සාකච්ඡා කළා.

ඒ අභියෝගය අපි ඉදිරියේදී ජයග්‍රහණය කළ යුතුමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: