hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 මාර්තු 13, පෙ.ව. 10:51



දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා නොයන ලෙස කිසිදු නීතියක් පනවා නැති බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

පාසල් පද්ධතිය දේශපාලනය සඳහා යොදා නොගත යුතු බව පමණක් පවසා ඇතැයිද ඇය පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.

එවන් සීමාවක් පනවා නොමැති බවද පැවසන පැවසූ ඇය මාධ්‍ය විසින් වැරදි ලෙස ප්‍රසිද්ධ කර ඇති බවද සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ රජය විසින් පනවා ඇති සීමා කිරීම් නොතකමින් රජයේ මති ඇමතිවරුන් පාසල් උත්සවයට සහභාගි වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තුවේදී කල ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරිය පැවසූ බවට පසුගිය සැප්තැම්බර් 26 වෙනි දින අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයකින් සඳහන් කළේ දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා ගෙන්වීම වහා නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දන්වන ලද බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: