2026 මැයි 16, පෙ.ව. 12:18
සමගි ජන බලවේගයේ ඊළඟ ජාතික නායකත්ව පෙළ සඳහා ඉදිරිපත් වීමට ආචාර්ය හර්ෂ ද සිල්වාට ඕනෑවටත් වඩා සුදුසුකම් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
එනිසා ඉදිරියේදී සමගි ජන බලවේග පක්ෂය තුළ නව ව්‍යුහගත කිරීමක් සහ නායකත්ව පෙළගැස්මක් සිදු කිරීමට නියමිත බවද මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
ඕනෑම දේශපාලනඥයෙකුට ඉලක්ක පැවතිය හැකි බැවින් අනාගතයේ යම් දවසක තමන්ට වුවද පක්ෂ නායකත්වය කරා ගමන් කිරීමේ බලාපොරොත්තුවක් තබාගත හැකි බවද මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
අනාගත ආණ්ඩුවක් වෙනුවෙන් පක්ෂයේ දෙවැනි සහ තෙවැනි පෙළ නායකයන් පෙළගස්වන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වන විටත් පක්ෂය තුළ අභ්‍යන්තර කතිකාවතක් නිර්මාණය වී ඇති බවද මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට නියමිත 2029 වසර වනවිට නව මුහුණුවරකින් පක්ෂය සහ නවෝදයකින් පෙළගැස්වීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එකඟතාව පළකර ඇති බවද මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
පසුගිය කාල වකවානුව තුළ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ලෙස දෙකට බෙදීම නිසා තමන් දේශපාලනිකව දැඩි ලෙස බැට කෑ බවත් බලය අහිමි වීමට එම බෙදීම බලපෑ බවද මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
තවදුරටත් පුද්ගල සාධක මත බෙදීම් ඇති කරගන්නවා වෙනුවට, එක්සත් ජාතික පක්ෂයද ඇතුළත් කර ගනිමින් පුළුල් දකුණේ කඳවුරක් නිර්මාණය කිරීම තම එකම අරමුණ බවද මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව සඳහන් කරයි.
2026 මැයි 16, පෙ.ව. 12:22
2026 මැයි 16, පෙ.ව. 12:18
2026 මැයි 16, පෙ.ව. 12:17
2026 මැයි 16, පෙ.ව. 12:14
2026 මැයි 16, පෙ.ව. 12:13
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26