2026 ජූනි 01, පෙ.ව. 11:07
රටේ ආර්ථික වර්ධනය සියයට 3 දක්වා පහත වැටී ඇති බවත්, වත්මන් ආර්ථික ක්‍රියාපිළිවෙල තුළින් “පොහොසත් රටක්” නිර්මාණය කරනවා වෙනුවට සිදුවන්නේ තවදුරටත් ජනතාව දුප්පත්කම තුළ රඳවා තැබීම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600කට අධික මුදලක් ලබා දීමට තීරණය කර ඇති පසුබිමක, ආර්ථිකයේ පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා පෙන්වා දෙමින් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, ආර්ථික වර්ධනය මෙලෙස මන්දගාමී වීමට ප්‍රධාන හේතුව ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති ලිහිල් නොකිරීම බවයි. ලංකාවට ආයෝජන ලබා ගැනීමට නම් පැරණි පටු මානසිකත්වයෙන් (හුණ්ඩු මානසිකත්වයෙන්) බැහැර විය යුතු බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ “බ්ලූප්‍රින්ට්” වැඩපිළිවෙලෙහි අඩංගු උපායමාර්ග අනුගමනය කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ ක්‍රියාත්මක කළ රාජ්‍ය ණය කළමනාකරණය සහ මූල්‍ය විනය හේතුවෙන් රටේ යම් ස්ථාවරත්වයක් ඇති වූ බව පිළිගත් මන්ත්‍රීවරයා, එහෙත් වත්මන් රජයට එම ස්ථාවරත්වය මත පමණක් ලකුණු ලබා ගත නොහැකි බව පැවසීය.
දැනට දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව ඉන් මුදවා ගැනීමට නම් ආර්ථිකය ඉතා ඉහළ වේගයකින් වර්ධනය විය යුතු බවත්, වත්මන් වැඩපිළිවෙල හරහා සිදුවන්නේ “පොහොසත් රටක් හදනවා” යැයි කියමින් ජනතාවගේ දුක්ඛිත තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම පමණක් බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
2026 ජූනි 01, පෙ.ව. 11:55
2026 ජූනි 01, පෙ.ව. 10:06
2026 ජූනි 01, පෙ.ව. 12:25
2026 ජූනි 01, පෙ.ව. 12:16
2026 ජූනි 01, පෙ.ව. 12:15
01-06-26
01-06-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26