hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 ජූනි 20, පෙ.ව. 12:02



මේ වන විට විපක්ෂයට ආණ්ඩුව සමග පමණක් නොව රාජ්‍ය නිලධාරීන් සමග ද සටන් කිරීමට සිදුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන් අපේක්ෂා කළ පරිදි පළාත් පාලන ආයතන 100ක බලය ඇල්ලීමේ ඉලක්කයට යා නොහැකි වී ඇත්තේ රහස් ඡන්ද පැවැත්වීම නිසා බවයි.

මේ ආණ්ඩුව විනිවිදභාවයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ ද මේ වන විට පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම සඳහා ඉතා ම දූෂිත වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ද හෙක්ටර් අප්පුහාමි සඳහන් කරයි.

පක්ෂ තීන්දුවට පටහැනිව කටයුතු කළ සිය පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: