hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:02



පවතින දැඩි ආර්ථික අර්බුදය හා ඖෂධ මිල ගණන් දරාගත නොහැකි ලෙස ඉහළ යෑම හමුවේ රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටිනවා.

ආර්ථික අර්බුදය උත්සන්න වීමට පෙර මෙරට රෝගීන්ගෙන් සියයට පනහක් පමණ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයටත් (OPD) තවත් සියයට පනහක් පමණ පෞද්ගලික රෝහල් හා පෞද්ගලික වෛද්‍ය සායන (ඩිස්පෙන්සරි) වෙතත් යෑම සිදුවූ බව මේ පිළිබඳ කළ විමසීමේදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවා.

මේ වනවිට තවත් රෝගීන් පිරිසක් අවධිමත් ප්‍රතිකාරවලට යොමුවීම හා නීති විරෝධී ලෙස වෛද්‍ය වට්ටෝරු නොමැතිව ඖෂධ ලබාගැනීම නිරීක්‍ෂණය වී ඇතැයි ද ඒ මහතා කියා සිටියා.

මේනිසා වහාම අත්‍යවශ්‍ය හා නිතරම රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ ලයිස්තුවක් සකසා ඒවායේ මිල පාලනය කළ යුතු බවද වෛද්‍යවරයා සඳහන් කර සිටියා.

මීට අදාළ යෝජනාව පසුගිය වසරේ දී ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර තිබුණත් තාමත් නිසි පියවර නොගැනීම කනගාටුවට කරුණක් බවද වෛද්‍යවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: