hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 8:47



කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ වන දිස්ක්‍රික්කවලින් සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සදහන් කරයි.

එනිසා එම සරම්ප රෝගය වැළක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව ක්‍රියාත්මක කරන බවද අද (27) සෞඛ්‍ය අමත්‍යාංශයේ පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරයි.

එම වැඩසටහන 2024 ජනවාරි (06) වනදා උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා ළඟම ඇති වෛද්‍ය සායනයක් මගින් මාස (6 – 9) අතර ලදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදෙන බවද ලේකම්වරයා සදහන් කරයි.

මේ අතර ඕනෑම ස්වසන රෝගයක් පැතිරීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් පැළඳීම, නිතර අත්සේම, දෙදෙනෙකු අතර ඇති පරතය වැඩිකර තබා ගැනීම ඉතා වැදගත් බවද ලේකම්වරයා තවදුරටත් සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: