hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජූලි 17, ප.ව. 5:28



ඉතින් මේ දවස්වල ගොඩක් අය උනන්දු වෙනවනේ රට යන්න. ඉතින් රට යන්න මේ වෙද්දි තමන් ගාව Passport එකක් නැති අය එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක් නැති අයට Passport එකක් අලුතෙන් ගන්න සිද්ධ වෙනවා. හැබැයි අපි ඉස්සර වගේ අපිට හිතිච්ච දවසක මේ Passport Office එකට ගිහිල්ලා දැන් Passport එකක් හදන්න Application භාර දෙන්න බෑ. මේකට ගොඩක් ලොකු තදබදයක් තියෙන හින්දා සහ Passport එක ගන්න ගොඩාක් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන හින්දා අපිට මේකේ Appointment එකක් දානවා වගේ වැඩ ගොඩක් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ Appointment එකක් දාන සහ Photo ගන්න සහ මේ ඔන්ලයින් Application එක කරනවා වගේ ගොඩක් වැඩ අපිට කරගන්න පුළුවන් කමක් තියෙනවා.

ඊට පස්සේ අපි එක්දින සේවයෙන් ගන්නවා නම් Passport එක ගන්න විතරක් අපිට එක දවසක් Office එකට ගිහිල්ලා ගන්න විතරක් පුළුවන් සිස්ටම් එකක් දැන් ශ්‍රී ලංකාවේ හැදිලා තියෙනවා. ඉතින් එතනදී බහුතරයක් වැඩකටයුතු ටික Online කරලා ඒක ගන්න දවසට එක්දින සේවයෙන් ගන්න අයට ගන්න දවසට විතරක් ඔෆිස් එකට ගියා ම ඇති. එහෙම නැත්නම් සාමාන්‍ය සේවය හරහා ගන්න අයටත් Online Application Fill කරන දේවල් වගේ කරලා ඒ Documents ටික අරගෙන එක දවසක් විතරක් පෝලිමේ ඉන්නේ නැතුව Appointment එකක් හරහා Passport Office එකට යන්න පුළුවන්කමක් තියෙනවා රස්තියාදු වෙන්නේ නැතුව දීලා තියෙන වෙලාවට ගියාම. වැඩ කටයුතු ටික බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්.

ඉතින් ඔයා ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක් හදන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන වැඩේ තමයි ඔයා ගාව තියෙන ළඟම ස්ටුඩියෝ එකකට ගිහිල්ලා මේ වල ගොඩක් වෙලාවට ඉස්සරහ ස්ටිකර් එකක් ගහලා තියෙනවා Identity Card සහ Passport වලට Photo ගන්නවා කියලා. ඉතින් ඒකට අනුමත ඡායාරූප ශාලා තියෙනවා ඉස්සරහ අයිඩින්ටිය ගනිද්දී සහ ඔය ඔය වගේ දේවල් වලට අපි ෆොටෝ එකක් ෆිල් කරලනේ අරන් ගියේ. දැන් එහෙම අපි ෆිල් කරලා අරගෙන යන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අපේ ෆොටෝ එකක් ස්ටුඩියෝ එකේදි අරගෙන ඒගොල්ලෝ Online මේක Passport Office යවනවා. ඒගොල්ලන්ට Upload කරනවා. අපේ අතට දෙනවා පොඩි කොළයක්. මේ කොළය හම්බෙනවා Reference number කියලා තියෙන කොළයක්. ඒ කොලය අරගෙන ඊට පස්සේ ආයේ ගෙදර එන්න ඕනේ. ගෙදර ඇවිල්ලා තමයි ඊළඟ වැඩ කටයුතු ටික ඔයාට කරගන්න තියෙන්නේ.

ඊට පස්සේ ඒක අරගෙන ඒ කොලේ ඔයා අතේ තියෙද්දී ඊළඟට මොනවද කරන්න තියෙන්නේ කියලා බලන්න.Reference number කියලා තියෙන කොළයක් දෙනවා. ඉතින් මෙන්න මේකේ තියෙන වැදගත්ම දේවල් ටික තමයි මෙන්න මේ තියෙන Reference number එක. ඊට පස්සේ මේක ගත්ත දිනයක් තියෙනවා. මේකේ මුද්‍රිත දිනයක් තියෙනවා. ඒ වගේම මේක අවලංගු වෙනවා. ඉතින් එතකොට දින අනූවක් විතරයි මේක වලංගු වෙන්නේ. ඉතින් මේ දින අනූව ඇතුළේ අපොයිමන් ඩේට් එකක් ඔයා දාගන්න ඕන. දින අනූව ඇතුලේ අනිවාර්යෙන් එකක් දාගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ Photo එක අවලංගු වෙලා ඔයාට අලුත් Photo එකක් ගන්න සිද්ධ වෙනවා.

ඉතින් ඒකට ඔයා කරන්න තියෙන්නේ ඔයාගේ Web Browser එකට ගිහිල්ලා Google එකේ Search කරන්න Passport Appointments කියලා. ඉතින් එතකොට උඩින්ම එනවනේ Make the Appointments කියලා එකක්.

ඉතින් මෙන්න Make the Appointments කියන සෙක්ෂන් එකට ගියාට පස්සේ ඒකේ තියෙනවා Appointments for Visa Service කියලා තවත් සෙක්ශන් එකක්. ඉතින් මෙන්න මේකට යන්න. ඉතින් මේකට ගියාට පස්සේ මේකේ අහනවා ඔයා පාවිච්චි කරන සර්විස් එක මොකක්ද කියලා.

One Day Service කියලා කියන්නේ ඔයා අද යනවා පාස්පෝට් ඔෆිස් එකට. අදම ඔයාට ප්‍රින්ට් කරලා පාස්පෝට් එක දෙනවා. මං එහෙම නැත්නම් නෝමල් සර්විස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාස කිහිපයක් යනවා. හැබැයි ඔයාට පාස්පෝට් එක හම්බවෙනවා. රුපියල් තුන්දාහක් හෝ පන්දාහක් වගේ මුදලක් තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාගේ බ්‍රාන්ච් එක මොකක්ද කියලා අහනවා. ඉස්සර නම් සාමාන්‍යයෙන් හෙඩ් ඔෆිස් එකෙන් විතරයි මේ වැඩේ කලේ. හැබැයි දැනට මාතර, නුවර, වව්නියා, කුරුණෑගල වගේ ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔයාට ලඟම එකට ගිහිල්ලා මේ වැඩේ ගන්න පුළුවන්.

ඉතින් ඊට පස්සේ ඔයාගෙන් අහනවා Photo Acknowledgement Number එක මොකක්ද කියලා. ඉතින් මේ Photo Acknowledgement Number එක කියලා කියන්නේ Reference number එක.

ඊට Applicant’s Name එක මොකක්ද කියලා අහනවා. ඉතින් මෙතනදි ඔයා නම දෙන්න ඕනි පාස්පෝර්ට් එක ඇප්ලයි කරන්නේ ඔයානේ. ඔයාගේ නම මෙතෙන්ට දෙන්න ඕනි. ඔයා මොන අකුරෙන් ගැහුවත් ඔටෝමැටිකලි කැපිටල් වදිනවා ඒක. ඉතින් ඊට පස්සේ ඔයාගේ බර්ත්ඩේ එක අහනවා. ඒක ඉස්සෙල්ලාම Date එක. ඊට පස්සේ Month එක සහ Year එක පිලිවෙලට ටයිප් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ NIC Number එක අහනවා. ඉතින් NIC Number එක ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ මොබයිල් නම්බර් එකක් ගහනවා. මොබයිල් නම්බර් එකක් මෙතනින් ටයිප් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට තියෙන පොයින්මන්ට් ඩේට් එකක් සිලෙක්ට් කරගන්න. වෙලාව සිලෙක්ට් කර ගන්න. උදේ වරුව හරි හවස් වරුව හරි තෝරා ගන්න පුළුවන්. ඉන්ස්ට්‍රක්ෂන් වලට ඇග්රි වෙනවද කියලා යටම අහනවා ඒකට ඇග්රි වෙලා කන්ෆර්ම් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.

ඒ ඩොකියුමන්ට් එක ක්ලික් කරලා බැලුවට පස්සේ අපොයින්ට්මන්ට් ලෙටර් එකක් හම්බවෙනවා. මෙන්න මේ වෙලාවට උසස් සේවයක් ලබා දෙන්න හැකි වෙනවා. ඔබ විසින් වෙන් කරගත් වෙලාවටම පැමිණීමට කාරුණික වන්න. නියමිත වේලාවට ප්‍රථම හෝ පසුව පැමිණෙන අයදුම්කරුවන් පරිශ්‍රයට ඇතුල් කර නොගන්නා අතර පැමිණීමට ප්‍රථම ගමන් බලපත්‍ර අයදුම්පතේ උපදෙස් හොඳින් කියවා අවශ්‍ය සියලුම ලිපි ලේඛන රැගෙන පැමිණෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි කියලා තියෙනවා.

https://www.immigration.gov.lk/index_e.php මේ ලින්ක් එකට ගිහින් Home එකේ Downloads ගිහින් Applications කියන එකට ගිහින් Online Fill and Printable Travel Document Application – New / Renew Passports කියන ඩොකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. Downloadable Travel Document Application – New / Renew Passports කියන ඩොකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න.

Application එක ඔන්ලයින් ෆිල් කරන්න ගත්තම ඩොකියුමන්ට් එක බ්‍රවුසර් එක උඩ තියාගෙනම ඔන්ලයින් ෆිල් කරන්න පුළුවන්. මේක අරගෙන යන්න ඕනේ උප්පැන්න සහතිකය සහ අර ඉන්ස්ට්‍රක්ෂන් එකේ කියපු ඩොකියුමන්ට්ස් දෙකම අරගෙන ඔයාව වෙන් කර ගත්ත වෙලාවෙදි ඔයාට වෙලාවක් හම්බුනානේ අන්න ඒ වෙන් කරගත්ත වෙලාවට ඒ දිනයට ඔයාට යන්නයි තියෙන්නේ.

ඉතින් ඔන්න අපි ස්ටෙප් ඔක්කොම ටික කම්ප්ලිට් කලා. ඉතින් දැන් ඔයාට අයිඩියා එකක් තියෙනවනේ අපි ඉස්සෙල්ලාම පාස්පෝට් එකට ගන්න ෆොටෝ එක ගත්තා. ඒ ෆොටෝ එක අරගෙන ඇවිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක ෆිල් කළා. දැන් ඉතින් ඇප්ලිකේෂන් එකේ පී ඩී එෆ් එකේ ප්‍රින්ට්අවුට් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ උප්පැන්න සහතිකේ, ජාතික හැඳුනුම්පත් සහ ඔයාගේ රැකියාව සනාථ කිරීමේ ලේඛන වල ඔරිජිනල් කොපීස් අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ අර අපිට ඉන්ස්ට් රක්ෂන් වල කියලා තිබිච්ච විදිහට පාස්පෝට් එක එක්දින සේවයෙන් ගන්නවා නම් රුපියල් 20,000ක් ගෙවලා එදා ම පාස්පෝට් එක අරන් හවස ගෙදර එන්න පුළුවන්. සාමාන්‍ය සේවයෙන් ගන්නවා නං රුපියල් 5000ක් ගෙවන්න විතරයි තියෙන්නේ. ටික දවසක් යනවා හැබැයි පාස්පෝට් එක හම්බවෙන්න. ඉතින් ඊට පස්සෙත් අර ඩොකියුමන්ට්ස් ටික ආයි ඔයාගේ අතට දෙනවා. එක ඩොකියුමන්ට් එකක්වත් තියාගන්නේ නැහැ. ඒ ටික ඔයා අවුරුදු දහයක් යනකම් පරිස්සම් කරලා තියාගන්න ඕනේ පාස්පෝට් එක එක්ස්පයර් වෙනකම්ම.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: