hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 14, ප.ව. 3:05



ඩිජිටල් තාක්ෂණය සඳහා සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ආදිය ඇතුළත් වන පරිදි ඩිජිටල් තාක්ෂණ කර්මාන්ත අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනා ඉවත් කරමින් ප්‍රකාශ කළා.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අහෝසි කිරීමට ද කටයුතු කරන බව ද සඳහන් කළා.

ඒ වෙනුවට නව ආයතනයක් ද ස්ථාපිත කරන බව පවසා සිටියා.

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මෙරට 77වැනි අයවැය ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරන මෙම අයවැය ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරයට පත් වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද වනවා.

2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මගින් රජයේ වියදම ලෙස රුපියල් බිලියන 7,885ක් වෙන් කිරීමට ඇස්තමේන්තු කර ඇති අතර එම මුදල දැක්වෙන්නේ මෙරට ඉතිහාසයේ අයවැයක් මගින් ඇස්තමේන්තු ගත කළ ඉහළ ම වැය ශීර්ෂය ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: