2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 9:37
පාසල් දැරියක් සහ පියෙක් ගමන් කළ යතුරුපැදියක් IDH ගොතටුව ප්‍රදේශයේදී කැණීම් කරපු අනාරක්ෂිත වලකට වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
යතුරු පැදියෙන් ගමන් කළ පියා සහ පාසල් දැරිය බේරා ගැනුණු අතර දැරිය IDH රෝහලටත් පසුව මහා රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.
දියේ ගිලී තිබූ යතුරු පැදිය ගොඩ ගන්නා ආකාරයද සීසීටීවී දර්ශන වල සටහන්ව ඇති අතර මීට පෙර ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් එලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
මෙම අනතුරට හේතු වී ඇත්තේ,ගොතටුව ප්‍රදේශයේ සිදු කෙරෙන ජල නල එලීමේ ව්‍යාපෘතියට අයත් බටයක් අළුයම කාලේ පුපුරා යෑමයි.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙවැනි අනාරක්ෂිත කැණීම් හේතුවෙන් මනුෂ්‍ය ජීවිත අහිමි වීමට හැකි බවත් මේවාට වගකිව යුතු පාර්ශව නිහඬව සිටින අතර ජල ප්‍රවාහන මණ්ඩලයේ නොසැලකිලිමත්කම මෙයට විශාලම හේතුව බවයි.
එමෙන්ම ලොරි රථ අනතුරෙන් පසුව මෙම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ද පැමිණ ඇති අතර මෙම ස්ථානයේ ආරක්ෂාවට කිසිදු පියවරක් නොගෙන එම ස්ථානයෙන් නික්ම යාමෙන් පසුවයි යතුරුපැදිය අනතුර සිදුව ඇත්තේ.
මේ අතර යතුරුපැදි අනතුරෙන් පසුව ජල ප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන්නේ පැයකටත් වඩා කාලයක් ගත වීමෙන් අනතුරුවයි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:07
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26