hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 4:06



ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මෙරට ජනතාවගෙන් 80 000කට ආසන්න පිරිසක් විෂ ශරීරගත වීම හේතුවෙන් වාර්ෂිකව ප්‍රතිකාර පතා එන බවයි.

කොළඹ ජාතික රෝහලේ විස තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන පවසන්නේ මෙම විස ශරීරගතවීම්වලින් 90%ක් පමණ සිදුවන්නේ නොදැනුවත්කම මත බවයි.

ඒ මහතා තවදුරටත් පවසන්නේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයට ලැබෙන ඇමතුම් මඟින් වාර්තා වන සිද්ධිවලින් 31%ක් ඖෂධ විසවීම් සම්බන්ධ සිද්ධීන් බවයි.

විස ශරීරගතවීම්වලින් 50%ක් ගෘහාශ්‍රිතව සිදුවන ඒවා බවත්, එසේ සිදුවන වැඩිම පිරිසක් වාර්තා වෙන්නේ අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් බවත් වාර්තා වෙනවා.

පසුගිය දශක දෙකක කාලය තුළ විස වීම් නිසා රෝහල් ගතවන පිරිසේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජයවර්ධන මහතා තවදුරටත් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: