2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 9:27
ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය මියගිය බවට පුවතක් ඊයේ(07) දිනයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
ඒ පිළිබඳව අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත් ඇය මේ වනවිට නිරෝගී සුවයෙන් පසුවන බවත්ය.
සිංහල සිනමාව වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කළ අයිරාංගනී සේරසිංහ මහත්මිය මේ වනවිට 97වන වියේ පසුවෙයි.
“ අද දවල් ඉදල එක දිගට මට කෝල් එනවා..ඇයි මෙහෙම කරන්නේ එතුමිය හොදින් ඉන්නවා. මේ බොරු ආරංචියට බොහෝ කලාකරුවන් කතා කරල අයිරාංගණී සේරසිංහ මැතිණිය ගැන ඇහුවා. ඒ අයට ස්තූතියි..ඇත්තටම මේ විදිහේ දේවල් කරන්න හොද නැහැ..”
මෙහෙම කිව්වේ ඇය ළග ඉන්න හේමන්ති.
“මීට පෙරත් ඔය වගේ ආරංචියක් ගියා..එදා සමහර අය එතුමියගෙන්ම කෝල් කරල අහල තිබුණා..එහෙම කරන්න එපා..ඇයට හොදින් ඉන්න දෙන්න.”
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26