2025 පෙබරවාරි 25, පෙ.ව. 10:22
19 වන දින අළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරමින් පවතී.
ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පහත සැකකරු හා සැකකාරිය 2025.02.24 වන දින කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
01. පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ වයස අවුරුදු – 23, ලිපිනය – කටුවැල්ලේගම, මීගමුව.
මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබියදී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම.
02. සේසත්පුර දේවගේ සමන්ති වයස අවුරුදු -48 ලිපිනය – කටුවැල්ලේගම, මීගමුව.
මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබියදී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම.
ඉහත අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමති කාන්තාවගේ මව හා බාල සොහොයුරා බවට අනාවරණය වී ඇත.
ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාලව සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.
2026 අප්‍රේල් 28, ප.ව. 4:58
2026 අප්‍රේල් 28, ප.ව. 4:21
2026 අප්‍රේල් 28, ප.ව. 4:12
2026 අප්‍රේල් 28, ප.ව. 3:55
2026 අප්‍රේල් 28, ප.ව. 3:26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26