hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 4:37



දැනට වසර එකහමාරකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත කරන ලද ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට දින 500කට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරනවා.

ඒ අනුව මෙම රෝගියා සම්බන්ධයෙන් තීරණයක් ඉක්මනින් ගත යුතු බවද ඔහු අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියා.

මෙරට සතු ප්‍රධානතම දැඩි සත්කාර ඒකකයේ දින පන්සියයක කාලයක් එක් රෝගියෙක් වෙනුවෙන් වෙන්කර ඇත්තේ තවත් දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් බවද හෙතෙම පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: