2023 ඔක්‍තෝබර් 20, පෙ.ව. 11:28
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ මරණය හා ශල්‍යකර්මය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හෝ කොළඹ ජාතික රෝහල මගින් පුළුල් විමර්ශනයක් කළ යුතු බව සෝමරත්න දිසානායක මහතා පවසා තිබෙනවා.
වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් හෙතෙම මෙසේද සඳහන් කළා.
ජැක්සන් ඇන්තනි අනුරාධපුර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමෙන් පසු සිදු වූ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය දිසානායක මේ බව පවසා ඇත.
“එදා අනතුර වූ දා අපි අනුරාධපුර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට රැගෙන එද්දී පසුදා පාන්දර 4.00ට වගේ වුණා. ඇත්තට ම එදා දවසේ ජැක්සන් ශල්‍යකර්මයට ගත්තේ නෑ. ඒ වගේම පසුවදා ඒ ශල්‍යකර්මයට සූදානමින් සිටි ස්නායු ශල්‍ය වෛද්‍යවරයා ඒ සඳහා සම්බන්ධ කර ගත්තෙත් නෑ. ඒ වෛද්‍යවරයා ශල්‍යකර්මයට සූදානමින් ඒ ඇඳුම් පැලඳුම්වලින් පවා සූදානම් වී සිටියා. ඒ බව මම දැක්කා. ඒත් ඒ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගේ සේවය ලබා නොගැනීම ගැන විවිධ කතා අපට එදත් ඊට පසුවත් ඇසුණා. ඇයි මෙහෙම වුණේ? ඒ අඩුව නිසා ජැක්සන්ගේ ශල්‍යකර්මයට ප්‍රශ්නයක් වුණා ද? අපි මේවා දැන ගන්න ඕන. ඒ නිසා ඒ පැහැදිලි කිරීම කොළඹ ජාතික රෝහල කළ යුතුයි.”
2026 ජනවාරි 26, ප.ව. 4:52
2026 ජනවාරි 26, ප.ව. 2:20
2026 ජනවාරි 26, පෙ.ව. 11:50
2026 ජනවාරි 26, පෙ.ව. 9:51
2026 ජනවාරි 26, පෙ.ව. 9:27
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26