hit counter

2026 සැප්‍තැම්‍බර් මස 16 වන බදාදා

2026 අගෝස්‍තු 04, පෙ.ව. 12:13



මාතර, වැලිපිටිය ප්‍රදේශයේ පොල්අතු මෝදර ගඟ හරහා ඉදිකර ඇති ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේ, රටේ සැබෑ පරිවර්තනයක් ඇති කිරීම සඳහා ගොවි ජනතාවට සහ රාජ්‍ය සේවකයින්ට පැවසිය යුතු සත්‍යය ප්‍රකාශ කිරීමට රජය කිසිවිටෙකත් පසුබට නොවන බවයි.

හුදෙක් ඡන්ද පදනම රැකගැනීමේ අරමුණින් පමණක් කටයුතු කිරීමෙන් රටේ සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

“ඡන්ද නැති වෙයි කියලා බයට ගොවි මහත්වරුන්ට හෝ රාජ්‍ය සේවකයින්ට කිව යුතු දේ නොකියා සිටීමට අපට බැහැ. එසේ වුවහොත් මේ රටේ අපේක්ෂිත පරිවර්තනය සිදු කිරීමට නොහැකි වෙනවා. සැමවිටම සියලු දෙනා සතුටු වන ආකාරයේ ප්‍රකාශ පමණක් සිදු කිරීමෙන් රටක් ගොඩනැගිය නොහැකියි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: