hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 27, ප.ව. 5:35



බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මඟින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාදවීම වැනි හේතු මුල්කරගෙන මේ වනවිට දිගු ඉන්ධන පෝලිම් නිර්මාණය වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

ඉන්ධන බෙදා හැරීම සමාලෝචනය කර ඉදිරි දින 03 තුළ දිවයින පුරා අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට කටයුතු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඉදිරි දින දෙක තුළ දී එම ඉන්ධන පෝලිම් අඩු කිරීමට සැලසුම් කරන බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: